Header Ads

DANKOTUWA PORCELAIN PLC - වැඩ වර්ජනය ඉවරයි ???

දවස් 9 ක් තිස්සෙ අඛන්ඩව පැවතුන සෙවක වැඩ වර්ජනය 09 අගොස්තු 2017 දින අවසන් වුන බව, සමාගම විසින් කොටස් වෙලෙඳපොල වෙත දන්වා තිබෙන්වා.

මෙම වැඩ වර්ජනය ආරම්භ වීමත් සමග සමාගමෙ කොටස් වල ගණුදෙනු මිල 10% ආසන්න ප්‍රමාණයකින් පහල යාමක් සිදු වී ඇති බව ගණුදෙනු නිරීක්ශනයෙදි පෙනි යනවා.

සිකුරාදා දිනයෙදි රු.9.20 ත් රු.9.70 ත් අතර මිලකට කොටස් ගනුදෙනු වෙමින් අවසාන වූ මිල වශයෙන් සඳහන් වන්නෙ රු. 9.40 කි.

2017.03.31 න් අවසන් වූ වර්ශය සඳහා සමාගමෙ විකුනුම් පිරිවැටුම රු. බිලියන 2.3 ක් ලෙස මුල්‍ය ප්‍රකාශ විශ්ලෙසනයෙදි පෙනි යනවා. ඒ අතරම රු. මිලියන 132 ක බදු ගෙවූ පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත්ව තිබෙන්වා.
2016.03.31 න් අවසන් වර්සය හා සැසඳීමෙදි මෙය 110% වර්ධනයක් ලෙස පෙනී යනවා. 2016 වර්සය සඳහා සමාගම වාර්තා කර තිබූ ශුද්ධ අලාභය රු. මිලියන 15.9 කි.





No comments